Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ

Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ
Song Title : Bala Innam Kalpa Ganak Unath Man (බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං)
ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ


බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා //

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා //
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා...
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා //
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment