Alhene Pal Rakiddi Song Lyrics - ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළ

Alhene Pal Rakiddi Song Lyrics - ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළ

Alhene Pal Rakiddi Song Lyrics - ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළ
Song Title : Alhene Pal Rakiddi (ඇල්හේනෙ පැල් රකිද්දී)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
1957 දී තිරගත "මිස් මේරි" (Miss Mary) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සහ ලතා මංගෙස්කාර් විසින් ගයන ලද "ඕ රාත්කී මුසාෆිර්" ("O Raat Ke Musafir") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඇල්හේනෙ පැල් රකිද්දී
කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ
මට නෑ ප්‍රියේ ඇසෙන්නේ //

මල් රේණු රේණු උරලා
පැණි බොන්න ආව බමරා
මම හැංගිලාම ඉඳලා
ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙළාලා

වන මල් නෙලා ගෙනල්ලා
ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක සිම්බ තාලේ
ඔබ නැහැ දයාවි දන්නේ

සුදු පරෙවියෙක් ඇවිල්ලා
මගෙ කණ ළඟින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා
ඌ එව්වෙ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා
හොඳ පාට පාට වීලා
ගිබුණා එදා නිදද්දී
තේරෙන්නෙ දැන් නෙ සිහිනේ
තේරෙන්නෙ දැන් නෙ සිහිනේ

මම තනිව උන්න යාමේ
ඔබ තනිව බැන්ද ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි
දැන්නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා
මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමාවී
දැන්නම් ඵලක් නොවේවී
දැන්නම් ඵලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා
එන සුළඟ මම සිඹින්නම්
මේ ජාතියේදි බැරි නම්
මතු ජාති ඔබ ලබන්නම්

මේවන්  දුකක් නොවේවා
ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාල බැන්ද ආලේ
මතු ජාති ඔබ ලැබේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment