Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ

Vindina Karadara Song Lyrics - විඳිනා කරදර ගීතයේ පද පෙළ
Song Title : Vindina Karadara (විඳිනා කරදර)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : අතුල අධිකාරී


විඳිනා කරදර
අදිනා පව් බර
සොඳිනා සිහිකර
සෑම දිනේ

දිවියේ නිසි ඵල
සළසා ගණු මැන
ගමනේ කෙළවර
මරණය වේ

සසරේ දුක් බර
කඳුළේ මින් පෙර
දකිනා වෑයම
අත් නොහරින්

දිවියේ දාහය
නිවෙනා ගං තෙර
දිවියේ අසපුව
ඉදිකර ගන්

පව් බර ආශා
විහිදුණු ශාඛා
නැති කළ උතුමා
බෝ සෙවණේ

ඒ පා යුග වැඳ
විවරණ ඉල්ලා
දුකින් මිදෙණු මැන
සව් සතුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment