Sithala Thawara Song Lyrics - සීතල තවරා ගීතයේ පද පෙළ

Sithala Thawara Song Lyrics - සීතල තවරා ගීතයේ පද පෙළ
Song Title : Sithala Thawara (සීතල තවරා)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : පියදාස ධම්මන්තොට
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

උදයට ඇවදින් හවසට යද්දී
දෑසින් නුඹෙ තනිකම කියැවේ //
මැණිකේ පුතුගේ තනිය මකද්දී
පොල් අතු මඩුවේ මා තනිවේ

සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

සිහින ලොවේ සිටියත් ඔබ සෙවනේ
මටද දැනේ උණුසුම පුතුනේ //
නින්ද නැතිව සිටිනා තුන් යාමේ
සංගු හඩට කන්දෙනු මැණිකේ

සීතල තවරා හමනා සුළඟේ
මා ගත දැවටී පාවීයන්
මුර මඩුවේ සිටිනා මගෙ තනියට
කන්ද කපා සඳ පායාපන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment