Sihinayaki Oba Song Lyrics - සිහිනයකි ඔබ ගීතයේ පද පෙළ

Sihinayaki Oba Song Lyrics - සිහිනයකි ඔබ ගීතයේ පද පෙළ

Sihinayaki Oba Song Lyrics - සිහිනයකි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Sihinayaki Oba (සිහිනයකි ඔබ)
ගායනය : බණ්ඩාර අතාවුද සහ නිරංජලා සරෝජිනී
පද : කුසුම් පීරිස්
තනුව : එච්.එම්. ජයවර්ධන


හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්
හහා හා හහ හාහා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට
සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ
ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

යුග ගණන් අප
වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති
අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප ඇත ළංවෙලා

හ්ම් හ්ම්ම්ම් ම්ම් ම්
හහා හා හහ හාහා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment