Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ

Sanduluthalen Ebee Balana Song Lyrics - සඳළුතලෙන් එබී බලන ගීතයේ පද පෙළ
Song Title : Sanduluthalen Ebee Balana (සඳළුතලෙන් එබී බලන)
ගායනය : අතුල අධිකාරි
පද : ශාන්ත ජයලත් තිසේරා
තනුව : ශාන්ත ජයලත් තිසේරා


සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

සඳළුතලේ ළඟට එන්න අත්තටු කොහෙද
මන්දිරේ දොරෙන් එළියට නුඹ එන්නැද්ද
මේ පාරුවෙන් එගොඩ වෙන්නට
වාරුවෙන් මගේ දිවියට
ආදරෙන් බැඳී සදහට

සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

හී සැරෙන් දොරකඩට සපැමිණි අඳුරු වාහනේ
දෙව් දුවක් වගේ සැඟවී නුඹ ද ඉගිලුණේ
ගඟ බිහිසුණුයි සැඩයි හරියට
වාරු නෑ මගේ හබලට
ජීවිතේ ඉතින් මොකටද

සඳළුතලෙන් එබී බලන පුංචි කුමරියේ
නුඹ මට ද ආදරේ ගඟ දියඹට ද ආදරේ //
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ
වැලි පාරුවේ ඉන්න මගෙ හිත ආදරෙන් පිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment