Samanala Hadawatha Parannata Nam Song Lyrics - සමනල හදවත පාරන්නට නම් ගීතයේ පද පෙළ

Samanala Hadawatha Parannata Nam Song Lyrics - සමනල හදවත පාරන්නට නම් ගීතයේ පද පෙළ
Song Title : Samanala Hadawatha Parannata Nam (සමනල හදවත පාරන්නට නම්)
ගායනය : අතුල අධිකාරි
පද : සනුර බණ්ඩාර
තනුව : අතුල අධිකාරි


සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ //

සිහින අහසෙ ගඳ කැදලි තැනූයේ
මිහි මත හිඳ දුක් දෙන්න නොවේ //
සිහින විමන් බිඳ සිහින කුමාරී
සිහින ලොවක් ළඟ නතර වුණේ

සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ

පෙති සලිතව ගිය කුසුමක් ළඟ හිඳ
කිසි බමරෙකු ගී ගයනු නොවේ //
අත්තටු රිදවූ සමනල සිහිනෙක
සුසුම් දැනේ ඉකිබිඳින හඬේ

සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ //

අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment