රුලං දෝසි හදමු (Rulan Dosi)

රුලං දෝසි හදමු (Rulan Dosi) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍫 රුලං 400g ක්
  • 🍫 ගාන ලද පොල් 200g ක්
  • 🍫 සීනි 600g ක්
  • 🍫 බටර් මේස හැඳි 1 ක් 
  • 🍫 වැනිලා තේ හැඳි 1 ක්
  • 🍫 කරඳමුංගු කුඩු ටිකක් 
  • 🍫 කපාගත් කජු ටිකක් ( අත්‍යාවශ්‍ය නැහැ )
  • 🍫 ආහාර වර්ණක බිඳු කිහිපයක් 
  • 🍫 වතුර පීරිසි කෝප්ප 1 ක්
  • 🍫 ලුණු ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍫 මුලින්ම රුලං ටික තරමක් බැද ගන්න .පාට වෙනස් වෙන තුරු බදින්න එපා.
  2. 🍫 ගානලද පොල් ටිකද තෙත ඉවත් වනතුරු බැද ගන්න .එයද පාට නොවෙනස්ව බැද ගන්න .
  3. 🍫 කජු කැබලි වලට කපා ගන්න.
  4. 🍫 රුලං දමන ට්‍රේ එකට බටර් ආලේප කර සූදානම් කර තබන්න .
  5. 🍫 දැන් භාජනයක් ලිප තබා සීනි, ලුනු ටිකක් සහ වතුර කෝප්පයක් දමා උණුකරන්න .( නන්ස්ටික් භාජනයකට වඩා කට පලල් තාච්චියක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි, පදම බලා ගන්න පහසුයි )
  6. 🍫 පැණි නූලක් ආකාරයට වැටෙන පදමට උණු කර ගන්න .
  7. 🍫 පසුව එයට බැදගත් පොල්, කරඳමුංගු කුඩු, ආහාර වර්ණක බිඳු කිහිපයක් සහ වැනිලා එකතු කර පොල් ටික හොඳින් පැණියෙන් තැම්බෙන තුරු හැඳි ගාමින් පිස ගන්න .
  8. 🍫 පසුව  ලිපෙහි ගින්දර අඩුකර එයට බැදගත් රුලං , කජු සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරමින් හැඳි ගාන්න .
  9. 🍫 මිශ්‍රණය ඝන වී එක ගුලියකට එනතුරු නොනවත්වා හැඳි ගාන්න. භාජනය වටේ සීනි වියලෙන පදමේදී ලිපෙන් ඉවතට ගෙන බටර් තවරා ගත් තැටියට දමා තුනී කර ගන්න .
  10. 🍫 අවශ්‍ය ප්‍රමාණයට කෑලි ලකුණු කර මදක් නිවුණු පසු කෑලි කපා ගන්න.
  11. ඉතිං ඔයාලත් හදලා බලන්න ,ඉතාමත් පහසුයි ඒවගේම තද ගතියක් නැතුව ඉතාම මෘදුවට තියෙනවා , ඒවගේම ඉතාමත් රසයි 😋
හෙළයේ රස මිහිර
රුලං දෝසි හදමු (Rulan Dosi) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment