Mi Pirunu Suwada Mal Wane Song Lyrics - මී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ පද පෙළ

Mi Pirunu Suwada Mal Wane Song Lyrics - මී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ පද පෙළ
Song Title : Mi Pirunu Suwada Mal Wane (මී පිරුණු සුවඳ මල් වනේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
ගීත ප්‍රබන්ධය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : සරත් දසනායක
1975 දී තිරගත වූ “සංගීතා” චිත්‍රපටියේ ගීයකි.


මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙණු පෙනේ //
පැතුම් බිහිවෙලා
කුරුලු වෙස් වලා
අනන්ථයට යයි පියාඹලා

රැව් නැඟී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා
දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී
සිතන්නට බැරී
ඉඳුනිලක් ලැබී
කැළුම් දෙයි පිරී

විමන් නොපතමී
යහන් නොසොයමී
ඔබගෙ හද බිමේ
වැතිර සැතපෙමී

නෙත් පියන් වැසීලා
හිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසසංසලේ

රැව් නැඟී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා
දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙණු පෙනේ
පැතුම් බිහිවෙලා
කුරුලු වෙස් වලා
අනන්ථයට යයි පියාඹලා

කොකුම් තවරලා
සඳුන් මුසුවෙලා
සුගන්ධය ගලයි
සුළඟෙ විසිරිලා

පෙරදි තැනකදී
දිනෙක බැඳි බැඳී
සිටිය හැටි සිතෙයි
මතකෙ ඇඳි ඇඳී

ඒ තැනත් මෙසේමයි
ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලේ භවෙන් භවේ

මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙණු පෙනේ
පැතුම් බිහිවෙලා
කුරුලු වෙස් වලා
අනන්ථයට යයි පියාඹලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment