Me Mihiri Githe Song Lyrics - මේ මිහිරි ගීතේ ගීතයේ පද පෙළ

Me Mihiri Githe Song Lyrics - මේ මිහිරි ගීතේ ගීතයේ පද පෙළ
Song Title : Me Mihiri Githe (මේ මිහිරි ගීතේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ නීලා චිත්‍රපටියේ ගීයකි


මේ මිහිරි ගීතේ
මා ඉන්නෙ සිහින ලෝකයේ
රෑ සීත යාමේ
මේ මාගෙ අරුම ජීවිතේ //

ආ .... නටන්න මාලා
මං ආවෙ ආදරේ සොයා //

සුමුදු දෙතොල දෙන හාදු
මධු මිහිර ගෙනෙනවා
දැන් නැගෙන සතුට මහදේ
පෙම් සුවය ගෙනෙනවා
ඔබ මුහුණේ
සුබ දසුනේ
දැන් මතුවේ
පෙම් වරුණේ
රැඳෙමී අද රැඳෙමී
ඔබෙ සැනසුම දෙන තුරුළේ

මේ මිහිරි ගීතේ
මා ඉන්නෙ සිහින ලෝකයේ
රෑ සීත යාමේ
මේ මාගෙ අරුම ජීවිතේ //

ආ .... ඔයාද ආවේ
මා පැතුවෙ ඔබගෙ ආදරේ //

වෙහෙස ගතිය පලවේ
ඔබෙ ළමැද සැළෙනවා
දැන් සතුට සුවය රැඳුනේ
හද මිහිර මැවෙනවා
ඔබෙ ළමැදේ දැන් පලවේ
හද සෙනෙහේ රස හැඟුමේ
රැඳෙමී අද රැඳෙමී
ඔබෙ සැනසුම දෙන තුරුළේ

මේ මිහිරි ගීතේ
මා ඉන්නෙ සිහින ලෝකයේ
රෑ සීත යාමේ
මේ මාගෙ අරුම ජීවිතේ //

ලා .. ලලල්ල ලාලා ...
ලල්ල ල්ල ලාල ලා ..
ලා ලලල්ල ලල්ලා ...
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා ....

ලා ... ලලල්ල ලල්ලා
ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment