Hada Wiman Doren Song Lyrics - හද විමන් දොරෙන් ගීතයේ පද පෙළ

Hada Wiman Doren Song Lyrics - හද විමන් දොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Hada Wiman Doren (හද විමන් දොරෙන්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : සරත් දසනායක
1974 දී තිරගත වූ "කස්තුරි සුවඳ" චිත්‍රපටියේ ගීයකි.


හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේ අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳේ එක් වෙලා

සාගරයේ සිසිල් වැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සිඳේ
ආකාසේ සදේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇඳී තියේ

උදා වූ වසන්තේ
සදා කල් රැදේවා

හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේ අමා

මීවදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස එතී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල් වන් වලාවක් සොයා

උදා වූ වසන්තේ
සදා කල් රැදේවා

හද විමන් දොරෙන් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා
කල්පනා
රසේ දේ අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී
කිති කැවී
රැඳේ එක් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment