Diya Kiduriya Se Song Lyrics - දිය කිඳුරිය සේ ගීතයේ පද පෙළ

Diya Kiduriya Se Song Lyrics - දිය කිඳුරිය සේ ගීතයේ පද පෙළ
Song Title : Diya Kiduriya Se (දිය කිඳුරිය සේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පදමාලාව : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් ද අල්විස්


දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ //

දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment