එයා ප්රජාශාලාව ලගින් නතර උනා මන් එයව එතන දාලයි අවේ ගේ ලගට ආපුවාමයි මතක් වුනේ එයව දාලා ආවේ කියලා ඒ නිස එයාව එක්කන් එන්න මන් ආයේ ගියා .එතකොට මාව බෝක්කුව ලග ඇදන් වැටුනා ටික වෙලවකට පස්සෙ කලු පාට බල්ලෙක් මාව ලෙව කෑවා ..නැගිටලා වට පිට බැලුවත් කිසිම බල්ලේක් හිටියේ නෑ ඊට පස්සෙ මන් ආයේත් ගෙදර ආවා එතනින් එහාට මට කිසිවක් මතක නෑ කියාය.පසුවදා තාත්තාට හොදටම උණ ගත්තේය.මන් කලින් පැවසු නලින් කියන්නේ තාත්තා ගේ හොද යාලුවෙක් ය.ඔහුගේ නිවස පිහිටා ඇත්තේ අපේ නිවසට ටිකක් පහලින් ය.තාත්තා දොදොල් හැදි ගැමටද ගියේ ඔහු සමගය.පසුවදා ඔහුද තාත්තාගේ සුව දුක් බැලිමට පැමිණියේය .එහිදි අම්මා විමසා සිටියේ "නලින් ඊයේ ඉශාන්තව දාලා කොහෙද ගියේ ඇයි තනියම එව්වේ කියලය." එතකොට නලින් මාමා කිව්වේ " අනේ අක්කේ ඊයේ ඉශාන්ත අයියා මාව ගේ ලගටම ඇරලවලයි ගෙදර අවේ කියලය.
එවිට තාත්තාට සිදු උයේ කුමක්ද ?
ඔහුට යාලුවා ඇරලු බව අමතක උයේ කිමද?
සිහි විකල් වී උණ ගැනිමට තරම් පියාට කුමක්ද වුයෙ?
ඒ කලු බල්ලා මළ ගිය ප්රානකාරයෙක්ද?
යන්න තවමත් මට ප්රශ්නාර්ථයකි.?????
පසු දින ගම්මුන්ගේ විස්වාස වලට අනුව තාත්තාට මතුරපු තෙල් ගෑවේය එයින් තාත්තාට සුව විය.



0 comments:
Post a Comment