Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ

Ada Amuthuma Rayaki Song Lyrics - අද අමුතුම රැයකි ගීතයේ පද පෙළ
Song Title : Ada Amuthuma Rayaki (අද අමුතුම රැයකි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර


අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

ඝන නිල් වරළින්නේ
මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ
නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

නිලුපුල් වැනි දෑසේ
සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා
දෙනු මැන හිනැහීලා

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

සුළලිත මුදු වරලේ
අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ
බිහි වෙයි මධු කොතලේ

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment