Wiyaru Wati Sith Song Lyrics - වියරු වැටී සිත් ගීතයේ පද පෙළ

Wiyaru Wati Sith Song Lyrics - වියරු වැටී සිත් ගීතයේ පද පෙළ
Song Title : Wiyaru Wati Sith (වියරු වැටී සිත්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව : විශාරද ගුණදාස කපුගේ


වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

අමා මියුරු ඵලවැල රහ වැටිලා
ඈත හිමේ ගිය අම්මාවරුනේ
මන්ද්‍රි දේවි දුටු බියකරු        සිහිනේ
නුඹට නොපෙනුණේ මන්දැයි නොදැනේ

වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

ජීවිතයේ ගිරි දුර්ග මාවතේ
තලා මරා බැ ඳ ඇදගෙන යන්නේ
අප රැක ගන්නට තුලා බරක් දී
සඳ මහ නිරිඳුන් අද නැතිවාදෝ

වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment