Kiyawa Magiya Song Lyrics - කියව මගිය ගීතයේ පද පෙළ

Kiyawa Magiya Song Lyrics - කියව මගිය ගීතයේ පද පෙළ
Song Title : Kiyawa Magiya (කියව මගිය)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද ගුණදාස කපුගේ


කියව මගිය එනු කොහි සිට
හසර නොදැන යනු කොතැනද
ගිරිකුළු දහසකි හිස පිට
ගිනි පුපුරුය දෙපතුළ යට
කාන්තාරයේ  නිරුදක කාන්තාරයේ

ආදරයේ පහන් තරුව
පෙරදිග අහසේ බැබලුණ
නිවී ගියා රෑ මැදියම
යළි ආවේ නෑ අළුයම

ඒ ආදර පහන් තරුව
පායා එනතුරු ද ගමන

ආදරයේ කුසුම් ගොමුව
කෝටි ගණන් මල් සුපිපුණ

දැවී ගියා
ලැව් ගිනි මැද
යළි පිපුණේ නෑ කිසි දින

ඒ ආදර කුසුම් ගොමුව
විකසිත වනතුරු ද ගමන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment