Ramya Nagaraye Song Lyrics - රම්‍ය නගරයෙ ගීතයේ පද පෙළ

Ramya Nagaraye Song Lyrics - රම්‍ය නගරයෙ ගීතයේ පද පෙළ
Song Title : Ramya Nagaraye (රම්‍ය නගරයෙ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : විශාරද ගුණදාස කපුගේ


රම්‍ය නගරයෙ යන්න ඕනෑ
රම්‍ය නගරයෙ ඉන්න ඕනෑ
කිය කියා එනවා
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා

ගමේ කුඹුරේ වී හාල් ටික
කොළඹදී අපි මුදල්දී ගෙන
වතුර ටිකටත් මුදල් ගෙවමින්
රටට ණය වෙනවා
කොළඹ අපි එනවා

රම්‍ය නගරයෙ යන්න ඕනෑ
රම්‍ය නගරයෙ ඉන්න ඕනෑ
කිය කියා එනවා
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා

දරන්නට බැරි බර කරින් ගෙන
කියන්නට බැරි දුක් සිතින් ගෙන
වතුර ටිකටත් මුදල් ගෙවමින්
රටට ණය වෙනවා
කොළඹ අපි එනවා

රම්‍ය නගරයෙ යන්න ඕනෑ
රම්‍ය නගරයෙ ඉන්න ඕනෑ
කිය කියා එනවා
ඉඩම් විකුණා ගෙවල් අරගෙන
කොළඹ අපි එනවා

කොළඹ අපි එනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment