Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ

Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ
Song Title : Tharuka Hadayi (තාරුකා හඬයි)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සමන් ගුණ හේරත්
තනුව : තිස්සසිරි පෙරේරා


තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි //

අහස ඉකිගසයි
සුසුමින් සයුරු රළ බි‍ඳෙයි
ආදරෙයි කියූ දෙතොළම
ගොළු වෙලා සැළෙයි
ගොළු වෙලා සැළෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

සඳත් මෝදු වෙයි
දෙනෙතේ කඳුළු පිනි රැඳෙයි
හෙටත් හිරු නැඟෙයි
ලෝකය සිහිනයක් නොවෙයි
සිහිනයක් නොවෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment