වෙල්ල වැහුම් හදමු (Wella Wahum)

වෙල්ල වැහුම් හදමු (Wella Wahum) - Your Choice Way

අද මං ඔයාලට ගෙනාවෙ අතීතයේ ගැමි ගෙවල්වල  නිරන්තරයෙන් සැකසුණු රසවත් කෑමක්  😍😍 නවීන ආහාර රටාවකට හුරු වෙලා ඉන්න අපේ නූතන සමාජයෙන් ගිලිහිලා යන,  ගොඩාක් දෙනා නමවත් අහල නැති අපේ රසට ගැලපෙන රසවත් කෑමක් තමයි වෙල්ල වැහුම්.අපේ කුඩා කාලයේ නම් වෙල්ල වැහුම් ගැන රසවත් කතන්දරයක් අහල තිබුනත් ඔයාලත් තවම රස විඳලා නැතුව ඇති .ගොඩාක් දෙනා නොදැනුවත්කම නිසා පෑන් කේක් වලට වෙල්ල වැහුම් කියනවා නමුත් වෙල්ල වැහුම් හරි විදියට  හදන්නේ ආප්ප මිශ්‍රණයෙන් . එහෙනම් අපි හදලා බලමු .ආප්ප මිශ්‍රණය සකස් කර ගන්න විදිය මීට පෙර මං ඔයාලට කියලා ඇති ,නැත්නම් ඔයාලට තෙත හාල්පිටි වලින් හදන තවත් ක්‍රමයක් මම කියන්නම්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 සහල් 250g කින් කොටාගත් තෙත සහල් පිටි
  • 🔸 ආප්ප සෝඩා / යීස්ට් තේ හැඳි 1/2ක්
  • 🔸 සීනි මේස හැඳි 1 ක්
  • 🔸 පොල්කිරි අවශ්‍ය පමණ
  • 🔸 රස අනුව ලුනු
  • 🔸 සාදාගත් පැණිපොල් ටිකක්
🌹 ඔයාලට කැමති නම් පාන්පිටි මේස හැඳි 2ක  3 ක් හෝ බිත්තරයක් එකතු කරන්න පුළුවන් .(එතකොට ආප්ප ය නවා ගන්න පහසු වෙනවා )

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ තෙත සහල් පිටි වලට  සීනි, ආප්ප සෝඩා හා පාන් පිටි මේස හැන්ඳක් පමණ එකතු කර කලවම් කර ගන්න.
  2. ✴️ දැන් දියකිරි ටික ටික එකතු කරමින් ගොඩාක් දියාරු නැති මෘදු මිශ්‍රණයක් සකස් කර ගන්න.
  3. ✴️ දැන් මෙම පිටි මිශ්‍රණය තෙත කිචන් ටවල් එකකින් වසා පැය 6 ක් පමණ පිපෙන්න තබන්න.
  4. ✴️ වෙල්ල වැහුම් සෑදීමට පැයකට පමණ පෙර මිටිකිරි සහ අවශ්‍ය පමණ ලුනු එකතු කර ආප්ප මිශ්‍රණය සකස් කර ගන්න.
  5. ✴️ නැවත පැයක් පමණ වසා තබන්න.
  6. ✴️ ඒ අතරෙ ඔයාලට පුලුවන් පැණිපොල් සකස් කර ගන්න.
  7. ✴️ පැයකට පමණ පසු තාච්චියක් ලිප තබා රත් වූ පසු තෙල් පොඟවා ගත් රෙදි පොට්ටනියකින් තාච්චිය පිස දමන්න.
  8. ✴️ දැන් තාච්චියට පිටි මිශ්‍රණයෙන් හැන්ඳක් දමා ආප්පය පිසින සේ කරකවා ලිප තබා පියනකින් වසන්න.
  9. ✴️ ආප්ප කර වන්නට පෙර සාදාගත් පැණිපොල් ටිකක් මැදට තබා ආප්පය දෙකට නවා ගන්න.ටික වේලාවක් පියනෙන් වසා තබා ඉවතට ගන්න.

( වෙල්ල වැහුම් හදන නිවැරැදි ක්‍රමය පැණිපොල් තබා ආප්පය දෙකට නමා ගන්න එක, නමුත් ලස්සන පෙනුමක් ගන්න ඕන නිසා මං ආප්පය රෝල් කරලා සකස් කලා 😍😍)

ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😍 ෆොටෝ එකක් අපටත් එවන්න අමතක කරන්න එපා 💕💕💕 

හෙළයේ රස මිහිර
වෙල්ල වැහුම් හදමු (Wella Wahum) - Your Choice Way

වෙල්ල වැහුම් හදමු (Wella Wahum) - Your Choice Way

වෙල්ල වැහුම් හදමු (Wella Wahum) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment