Wasanthaya Gewunu Thana Song Lyrics - වසන්තය ගෙවුණු තැන ගීතයේ පද පෙළ

Wasanthaya Gewunu Thana Song Lyrics - වසන්තය ගෙවුණු තැන ගීතයේ පද පෙළ
Song Title : Wasanthaya Gewunu Thana (වසන්තය ගෙවුණු තැන)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ජගත් කුමාර ප්‍රේමතිලක
තනුව : විශාරද ගුණදාස කපුගේ


වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

සාර ඵලවැල පිරුණු මිහි මඬල ඔබම නම්
වලාකුළු වියනක්ව ඒ මතම හිඳින්නම්
ඒ මතම හිඳින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

මිහිරි සත්සර මවන සිතාරය ඔබම නම්
සුමුදු දසැඟිලි තුඩු ව සෙමින් පිරිමදින්නම්
සෙමින් පිරිමදින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment