ඥානකතා හදමු (Gnanakatha Hadamu)

ඥානකතා හදමු (Gnanakatha Hadamu) - Your Choice Way

10-12 ක් සදා ගැනීම සඳහා

අපේ ලමා ලෝකය රසවත් කරපු තවත් රසවත් විස්කෝතුවක් මං අද ඔයාලට අරන් ආවා. වරදින්නෙ නැතුව රසට ගෙදරදිම හදාගෙන රස විඳින්න ඔන්න දැන් ඔයාලටත් පුළුවන් 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 පාන්පිටි   250g ක්
  • 🌸 බටර් 50g ක්
  • 🌸 සීනි 100g ක්
  • 🌸 බිත්තර 1 ක්
  • 🌸 කිරිපිටි මේස හැඳි 1 ක්
  • 🌸 බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
  • 🌸 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌺 මුලින්ම පිටි සහ බේකින් පවුඩර් හලා පසෙකින් තබන්න.
  2. 🌺 දැන් භාජනයක් ගෙන බටර් ටික දමා මෘදු වනතුරු ගසා ගන්න.
  3. 🌺 එයට සීනි එකතු කර නැවත බීට් කරන්න.
  4. 🌺 දැන් එයට වැනිලා සහ බිත්තරය එකතු කර හොඳින් බීට් කර ගන්න.
  5. 🌺 එයට හලාගත් පිටි සහ කිරිපිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් එක ගුලියකට එනතුරු අනාගන්න.(වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ )
  6. 🌺 දැන් මේ අනාගත් ඩෝ එක සමාන කොටස් වලට කඩා බෝල සාදා ගන්න.
  7. 🌺 සාදාගත් බෝල අල්ල මත තබා පැතලි කරන්න.
  8. 🌺 දැන්  ඒ මත වතුර ආලේප  කරන්න.
  9. 🌺 දැන් පැතලි බඳුනකට සීනි ටිකක් දමා ගන්න.
  10. 🌺 වතුර ආලේප කර ගත් පැත්ත සීනි භාජනය මත දමා හොඳින් ඒමත සීනි තවරා ගන්න.
  11. 🌺 දැන් බේකින් පේපර් එකක් එලා සකස් කරගත් තැටියක අඟලක් පමණ දුර තබමින් අතුරා ගන්න.
  12. 🌺 ඊලඟට 180 ° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 15 ක් 20ක් පමණ පුලුස්සා ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞 

හෙළයේ රස මිහිර
ඥානකතා හදමු (Gnanakatha Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment