Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ

Unmada Sithuwam Song Lyrics - උන්මාද සිතුවම් ගීතයේ පද පෙළ
Song Title : Unmada Sithuwam (උන්මාද සිතුවම්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක
1980 දී තිරගත වූ "එක්ටැම් ගේ' සිනමා කෘතියේ ගීයකි.


උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදාසරණ මත
තනිවේවි එක්ටැම්ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

තනිවේවි එක්ටැම්ගේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment