Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ

Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ
Song Title : Seetha Pinibidu (සීත පිණිබිඳු)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹ වන්
සැතපෙනා මේ මැදියමේ //
නුඹට ඒ සුව
අහිමි වී ඇත
අඳුරු මහමග
උරුම වී ඇත

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුඹවන්
නිසා මහමග උරුම වූ //
නුඹට ගරහන
රුදු ලොවක් මිස
හඳුනගන්නා හදවතක් වෙද

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment