An Nage Sal Aththe Pankiriththa Song Lyrics - ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා ගීතයේ පද පෙළ

An Nage Sal Aththe Pankiriththa Song Lyrics - ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා ගීතයේ පද පෙළ

An Nage Sal Aththe Pankiriththa Song Lyrics - ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා ගීතයේ පද පෙළ
Song Title : An Nage Sal Aththe Pankiriththa (ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
මේං බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නඟේ ඌ තනි හින්දා
නඟේ ඌ තනි හින්දා

අයියණ්ඩී ඉගිලුණා ද පාන්කිරිත්තා
ආන් ඉතිං සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා

රෑන් හැදී ඇළ ඉවුරේ කොක්කු නැඟෙන්නේ
රටා පුරණ සෙවණැළි පෙළ සිහියෙ ඇඳෙන්නේ
හීන් නඟා හෙට මං යන පාර බලන්නා
ඉර දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
පාන්කිරිත්තා

මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙණවා
කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගණිනවා
කොළොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහිවී හිත එතකොට ගම රට යනවා

ආන් නඟේ සල් අත්තේ පාන්කිරිත්තා
මේං බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුණා නඟේ ඌ තනි හින්දා
නඟේ ඌ තනි හින්දා

අයියණ්ඩී ඉගිලුණා ද පාන්කිරිත්තා
ආන් ඉතිං සල් මල උඩ බඹර පොඩිත්තා
අමුතු වුණේ හිත අහවල් දේටද මන්දා
අහවල් දේටද මන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment