Suwanda Mal Renu Pisa Ena Song Lyrics - සුවඳ මල් රේණු පිස එන ගීතයේ පද පෙළ

Suwanda Mal Renu Pisa Ena Song Lyrics - සුවඳ මල් රේණු පිස එන ගීතයේ පද පෙළ
Song Title : Suwanda Mal Renu Pisa Ena (සුවඳ මල් රේණු පිස එන)
ගායනය : ඉමාන් පෙරේරා
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර


සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා //

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment