Sudu Gawume Song Lyrics - සුදු ගවුමේ ගීතයේ පද පෙළ

Sudu Gawume Song Lyrics - සුදු ගවුමේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Gawume (සුදු ගවුමේ)
ගායනය : දමිත් අසංක


සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හිතේ තියන් සඟව ගන්නෙපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
අපිට හොරෙන් අරන් යන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment