Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ

Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ
Song Title : Salana Susuma (සලන සුසුම)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ පිරිස
පද රචනය : මහගම සේකර
තනුව : විශාරද ගුණදාස කපුගේ


සලන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැසි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ
යන මේ ගමනේ
අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා
පාර කියනවා
පාර කියනවා
පාර කියනවා

ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
ඔබේ දෑත අපට දෙන්න
සොහෝයුරනි සොහොයුරියනි
සොහෝයුරනි සොහොයුරියනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment