Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ

Wahilihini Song Lyrics - වැහිළිහිණී ගීතයේ පද පෙළ
Song Title : Wahilihini (වැහිළිහිණී)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද : පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමි
තනුව : විශාරද ගුණදාස කපුගේ
කපුගේ ගැයූ අවසන් ගීයයි මේ.


වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී
දරු පැටව් කුසගින්නේ
අපි නියං සායට අසුවෙලා
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

බොල් පොළව මුඩුබා ගිහින්
වපුල බිජුවට අහිමි
වෙල් එළිය වියළිලා
හිතේ ගින්දර පමණි

වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

තොල් පොඟාලන්නට තරම් තව
කොහෙද දිය කඳුරු
වැහි වලාහක දෙවියනේ ඇයි
මේ තරම් කුරිරූ

වැහිළිහිණී
වැහිළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහිළිහිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment