මඤ්ඤොක්කා ක්‍රොකට් හදමු (Manioc Crochet)

මඤ්ඤොක්කා ක්‍රොකට් හදමු (Manioc Crochet) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සිහින්ව ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 1 ක්
  • ගාගත් පොල් කෝප්ප  1 ක්
  • පාන් පිටි මේස හැඳි 1ක්
  • ලුනු අවශ්‍ය පමන (තේ හැඳි 1/2 ක් පමණ)
  • බැදීම සඳහා තෙල්

පිරවුම සඳහා :

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

(කට්ලට් වලට මෙන් තෙම්පරාදු කර ගත් කරි)
  • රට ලූනු ගෙඩි 1ක් 
  • අමු මිරිස් කරල් 1ක්
  • කරපිංචා කොල ටිකක් 
  • මස්,මාලු හෝ සැමන් අවශ්‍ය පමණ 
  • තලාගත් සුදුලූනු බික් එකක් පමන
  • කෑලි මිරිස් තේ හැඳි 1ක් පමන 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
  • ලුනු කුඩු අවශ්‍ය පමන 

✅ පිරවුම සාදා ගන්නා ආකාරය :

  1. 🌸 සියල්ල හොඳින් තෙම්පරාදු කර ගන්න.

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 මඤ්ඤොක්කා පොතු ඉවත් කර සිහින්ව ගා ගන්න. (දිය ගතිය මිරිකා ඉවත් කර ගන්න)
  2. 🌸 ගාගත් පොල්, මඤ්ඤොක්කා ,ලුනු , පාන් පිටි හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🌸 දැන් කුඩා ප්‍රමාණයක් ගෙන  අල්ලෙ රවුමක් ආකාරයට තුනී කර ගන්න.
  4. 🌸 තෙම්පරාදු කර ගත් පිරවුම ඒ මැදින් තබා දිගටි හෝ රවුම් ආකාරයට සකසා ගන්න.** පිරවුම මඤ්ඤොක්කා මිශ්‍රණයෙන් හොඳින් වැසිය යුතුයි.
  5. 🌸 දැන් ගැඹුරු තෙලෙහි රන්වන් පාට වනතුරු  බැද ගන්න.

හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා ක්‍රොකට් හදමු (Manioc Crochet) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment