Pura Handa Lesa Oba Sama Kala Mage Muhune Song Lyrics - පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ ගීතයේ පද පෙළ

Pura Handa Lesa Oba Sama Kala Mage Muhune Song Lyrics - පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ ගීතයේ පද පෙළ
Song Title : Pura Handa Lesa Oba Sama Kala Mage Muhune (පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ)
ගායනය : මායා දමයන්ති පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ ...//
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ //
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

පුර හඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සණ ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment