බත් වලින් පොල් රොටි (Pol Roti)

බත් වලින් පොල් රොටි (Pol Roti) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ බත් වලින් හදපු පොල් රොටි. තුන් වේලම බත් කන්න අමාරුයි නේද , එහෙනම් ඉතිං ඉතුරු බත් ටික අපතේ දාන්නෙ නැතුව මේ වගේ වෙනසක් කරලා බලමු නේද 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 💧 බත් කෝප්ප  2 ක්
  • 💧 පාන්පිටි හෝ හාල් පිටි කෝප්ප 1 ක්
  • 💧 පොල් කෝප්ප 1 ක්
  • 💧 අවශ්‍ය පමණ ලුනු 
  • 💧 වතුර මේස හැඳි 1 ක් පමණ 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ බත් ටික වතුර මේස හැන්ඳක් පමණ එක් කර ග්‍රයින්ඩ් කර ගන්න.
  2. ♨️ ග්‍රයින්ඩ් කර ගත් බත් ටිකට පොල්, ලුනු සහ පාන් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න.
  3. ♨️ තෙත ගතිය වැඩි නම් තව පිටි ටිකක් එකතු කරන්න.
  4. ♨️ රොටි පදමට අනාගත් පසු කුඩා කොටස් වලට වෙන් කර බෝල සාදා ගන්න . මේ ප්‍රමාණයෙන් මම රොටි 6 කට වෙන් කලා.
  5. ♨️ දැන් පිටි ඉස ගත් මතුපිටක දමා රොටි තුනී කර ගන්න. අවශ්‍ය නම් රෝලින් පින් එකක් පාවිච්චි කරන්න පුලුවන්.
  6. ♨️ අවසානයට රත් කරගත් රොටි තැටියක දමා රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා පුලුස්සා ගන්න.

හෙළයේ රස මිහිර
බත් වලින් පොල් රොටි (Pol Roti) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment