Padamata Pol Thel Song Lyrics - පදමට පොල් තෙල් ගීතයේ පද පෙළ

Padamata Pol Thel Song Lyrics - පදමට පොල් තෙල් ගීතයේ පද පෙළ
Song Title : Padamata Pol Thel (පදමට පොල් තෙල්)
ගායනය : පියදාස ගුණසේකර ඇතුළු පිරිස
පද හා තනුව : ආනන්ද සමරකෝන්
1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.


පදමට පොල් තෙල් ගහපල්ලා
කරදර අමතක කරපල්ලා
හෙයි
ගහපල්ලා නටපල්ලා
කරදර යකාට ගියදෙල්ලා
හෙයි
ගහපල්ලා නටපල්ලා
කරදර යකාට ගියදෙල්ලා

ලොකු කම් පොඩි කම් තැබෑරුමේ නෑ
අපි හැම මෙහි සම සමාජයයි
ලොකු කම් පොඩි කම් තැබෑරුමේ නෑ
අපි හැම මෙහි සම සමාජයයි

පුණ්ඩල බණ්ඩල එම් පී හාමුලා
පුණ්ඩල බණ්ඩල එම් පී හාමුලා
ගහන්නෙ මෙතෙන්දි පොල් තෙල්මයි
හොයි
ගහන්නෙ මෙතෙන්දි පොල් තෙල්මයි

සැප අද විතරයි ඇත්තේ බං
හෙට මැරිලා යන්නත් පුළුවන්
සැප අද විතරයි ඇත්තේ බං
හෙට මැරිලා යන්නත් පුළුවන්

අඩි ගහපන් ජොලි කරපන්
කරදර යකාට ඔහෙ ගියදෙන්
හෙයි
අඩි ගහපන් ජොලි කරපන්
කරදර යකාට ඔහෙ ගියදෙන්

ලෝකය කැරකෙයි අපිත් කැරකෙමූ
අද හෙට යුද්දේ ඇතිවෙයිලූ
ලෝකය කැරකෙයි අපිත් කැරකෙමූ
අද හෙට යුද්දේ ඇතිවෙයිලූ

ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන් (අ'හ්)
ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන්
පොල් තෙල් ගහලා ජොලි කරමූ
පොල් තෙල් ගහලා ජොලි කරමූ
(උහ්හ්)

යූ ඇන් පී කොමිනිස්ට් පාටී
දන්නව අපි ඒවායෙ හැටී (හහ් හහ් හහ්)
යූ ඇන් පී කොමිනිස්ට් පාටී
දන්නව අපි ඒවායෙ හැටී

ඒ ගොල්ලන් අපටා බං
දෙනවද මේ වගෙ සම්පත්තී
ඒ ගොල්ලන් අපටා බං
දෙනවද මේ වගෙ සම්පත්තී

මොකටද නිකමට වැනි වැනි ඉන්නේ
කරන්න රස්සාවක් නැත්නම්
ඌ..හ් හ්හ්හහ්...
මොකටද නිකමට වැනි වැනි ඉන්නේ (අහ් අහහ්..)
කරන්න රස්සාවක් නැත්නම්

පිහිටට එක මිතුරයි අද ඉන්නේ
පිහිටට එක මිතුරයි අද ඉන්නේ
මේ සුමිහිරි පොල් තෙල්මයි බං
හෙයි
මේ සුමිහිරි පොල් තෙල්මයි බං
හහ් හහ් හහ්හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment