Obata Ma Men Adare Na Song Lyrics - ඔබට මා මෙන් ආදරෙ නෑ ගීතයේ පද පෙළ

Obata Ma Men Adare Na Song Lyrics - ඔබට මා මෙන් ආදරෙ නෑ ගීතයේ පද පෙළ
Song Title : Obata Ma Men Adare Na (ඔබට මා මෙන් ආදරෙ නෑ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්, ශ්‍රී නිහාල් ජයසිංහ හෝ   ධර්මසිරි ගමගේ යන තිදෙනාගෙන් කෙනෙකුගේය.
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.


ඔබට මා මෙන් ආදරෙ නෑ
මා කියන්නේ ඇත්තමයි
මිහිරි ගීත රාවේ පාවෙලා එන වෙලාවේ
දෙනෙත නැගි ඒ
කඳුළු බිඳුවේ
මහද පිදුවේ

අඳුරු දෑසේ එළිය පාදා
දෙන්නෙ කවුදෝ ජීවිතේ
කඳුළු පිහිදා සිනාසෙන්නයි
ලොවේ මැවුණේ ආදරේ

ආවේ ඔබ හට සැනසුම සාදලා මේ වෙලාවේ
යාවි සුලලිත ගී හඬ විහිදිලා මේ වෙලාවේ
දෙනෙත නැගි ඒ
කඳුළු බිඳුවේ
මහද පිදුවේ

ඔබට මා මෙන් ආදරේ නෑ
මා කියන්නේ ඇත්තමයි
මිහිරි ගීත රාවේ
පාවෙලා එන වෙලාවේ
දෙනෙත නැගි ඒ
කඳුළු බිඳුවේ
මහද පිදුවේ

ඉහත කාලේ කුසුම් සැලුනේ
සුළඟෙ වැදිලා ආදරේ
කිමද අද ඒ කුසුම නටුවේ
විදුලි පවනේ මාරුතේ

ලෝකේ මිනිසෙකු මෙන් මා පෙම් කළා මේ වෙලාවේ
සෝකේ හිත යට නැත මගෙ හංගලා මේ වෙලාවේ
දෙනෙත නැගි ඒ
කඳුළු බිඳුවේ
මහද පිදුවේ

ඔබට මා මෙන් ආදරේ නෑ
මා කියන්නේ ඇත්තමයි
මිහිරි ගීත රාවෙ පාවෙලා එන වෙලාවේ
දෙනෙත නැගි ඒ
කඳුළු බිඳුවේ
මහද පිදුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment