Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ

Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ
Song Title : Mura Dewathawi (මුර දේවතාවී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : තිස්සසිරි පෙරේරා


මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

නෙතෙහි පතුළේ නුඹ නිසා
නෙත් පියන්නත් බැරිවී ගියා
මුවට දොරගුලු ලා මගේ
ආදරෙන් සිත දොඩමළු කළා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
මුර දේවතාවී

නුඹට දුන් මගෙ ජීවිතේ
අද කාට දෙන්නද හිත පුරා
කෙලෙස මා මගහැර ගියේ
ආදරේ මට විතරයි කියා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment