Mal Pibidena Eka Wasantha Samayaka Song Lyrics - මල් පිබිදෙන එක වසන්ත සමයක ගීතයේ පද පෙළ

Mal Pibidena Eka Wasantha Samayaka Song Lyrics - මල් පිබිදෙන එක වසන්ත සමයක ගීතයේ පද පෙළ
Song Title : Mal Pibidena Eka Wasantha Samayaka (මල් පිබිදෙන එක වසන්ත සමයක)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා

උදේ රැයින් සිසිල අරන්
මලින් මල්ට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිලා ගියා

හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා

ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදේ තුරුළට ගනිමී
මගේ ලොවේ සැදූ සුවේ
සසර වසන තුරු මම රකිමි

හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment