Mage Husma Wage Song Lyrics - මාගෙ හුස්ම වාගේ ගීතයේ පද පෙළ

Mage Husma Wage Song Lyrics - මාගෙ හුස්ම වාගේ ගීතයේ පද පෙළ
Song Title : Mage Husma Wage (මාගෙ හුස්ම වාගේ)
ගායනය : අජිත් බණ්ඩාර
සංගීතය  : විරාජ් පෙරේරා
පද රචනය : කුෂාන් මනේද්‍ර


මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැදේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යලි ආයේ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment