Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ

Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ
Song Title : Ma Sithata Ahamben (මා සිතට අහම්බෙන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //
මා සිතට අහම්බෙන්

අඳුර සඳක් වේවී
ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

ලොවම උරණ වේවී
සා පවසෙත් නොදෙනා ලෙස සීතල දිය කැන්
සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙළෙසින්
මා සිතට අහම්බෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment