තෝසෙ සමග පොල් චට්නි හදමු (Cocount With Dosai)

තෝසෙ සමග පොල් චට්නි හදමු (Dosai) - Your Choice Way

අද මං ඔයාලට ගෙනාවෙ ගොඩාක් සොෆ්ට් ඒවගේම ස්පොන්ජ් ගතියෙන් යුත් රසවත් ඉන්දියානු තෝසෙ රෙසිපි එකක් . මෙහි තවත් විශේෂත්වය තමයි කිසිම පිපුම් කාරකරයක් එකතු කලේ නැතුව තමයි හදන්නෙ . ඒවගේම හබලපෙති සහ සහල් පිටි වලින් හදන වට්ටෝරුවක් නිසා ඉතාමත් පෝශණීයයි 😍 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 සුදු කැකුළු සහල් කෝප්ප 2 ක්
  • 🌼 හබලපෙති කෝප්ප 1 ක්
  • 🌼 උළුහාල් තේ හැඳි 1/2 ක්
  • 🌼 පොල් කෝප්ප 1 ක්
  • 🌼 අවශ්‍ය පමණ ලුනු
  • 🌼 වතුර

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 මුලින්ම සහල් හොඳින් සෝදා වතුර ඉවත් කර උළුහාල් සහ වතුර කෝප්ප 4 ක් පමණ එකතු කර පැය 4ක් පොඟවා ගන්න.
  2. 🍁 පොඟවා ගත් සහල් වතුර පෙරා ඉවත් කර වතුර ස්වල්පයක් එකතු කර මෘදු පේස්ට් එකක් වනතුරු අඹරා ගන්න.
  3. 🍁 පසුව හබලපෙති ද හොඳින් සෝදා පොඟවා ගන්න.
  4. 🍁 ගාගත් පොල් ,හබලපෙති සහ වතුර කෝප්ප 1/2 ක් පමණ එකතු කර සිහින්ව අඹරා ගන්න . වතුර වැඩි කර ගන්න එපා ටික ටික එකතු කර ග්‍රයින්ඩ් කරන්න මදි නම් තව එකතු කර ගන්න.
  5. 🍁 දැන් ඒ අඹරාගත් මිශ්‍රණ දෙකම එක බඳුනකට දමා වතුර කෝප්පයක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . අපට ටිකක් ඝන මිශ්‍රණයක්  ඕනෙ ඒනිසා වතුර වැඩිකර ගන්න එපා.
  6. 🍁 දැන් මේ සකසා ගත් මිශ්‍රණය හොඳින් වසා පැය 8 ක් පමණ තබන්න.
  7. 🍁 පැය 8 කට පසු අවශ්‍ය පමණ ලුනු එකතු කර ගන්න.

✅ තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 අබ ඇට තේ හැඳි 1 ක්
  • 🌼 කරපිංචා කොල ටිකක්
  • 🌼 සිහින්ව අඹරාගත් අමු මිරිස් කරල් 3ක් පමණ
  • 🌼 තෙල් මේස හැඳි 3ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 දැන් තෙල් ටික ලිප තබා රත් වන විට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  2. 🍁 එයට සිහින්ව ලියාගත් කරපිංචා , අඹරාගත් අමු මිරිස් එකතු කර තෙම්පරාදු කරන්න.
  3. 🍁 දැන් මේ තෙම්පරාදුව තෝසෙ මිශ්‍රණය ට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  4. 🍁 දැන් පෑන් එකක් ලිප තබා මද ගින්නේ රත් කර තෝසෙ මිශ්‍රණයෙන් ලොකු හැන්දක ප්‍රමාණයක් දමා  පියනෙන් වසා විනාඩි 2 ක් පමණ පිස ගන්න . මිශ්‍රණය තුනී කරන්න අවශ්‍ය නැහැ .අපි මේ තෝසෙ එක උසට හදා ගන්නෙ.
  5. 🍁 දැන් අනික් පැත්ත දමා තවත් විනාඩි 2 ක් පමණ පිස ගන්න.

පොල් චට්නි

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 ගාගත් පොල් කෝප්ප 1 ක්
  • 🌼 මිංචි හෝ කරපිංචා කොල මිටක්
  • 🌼 අමු මිරිස් කරල් 4 ක්
  • 🌼 රතුළූනු 3,4ක්
  • 🌼 වතුර කෝප්ප 1/2 ක්
  • 🌼 දෙහි යුශ
  • 🌼 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 මේ සියල්ල එකට දමා ග්‍රයින්ඩ් කර ගන්න .
  2. 🍁 පසුව තෙල් මේස හැඳි 2 ක් ලිප තබා රත්කර එයට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  3. 🍁 පුපුරන විට කපාගත් වියලි මිරිස් ටිකක් එකතු කරන්න.
  4. 🍁 සිහින්ව ලියාගත් රතුළූනු ටිකක් සහ කරපිංචා ටිකක් එකතු කර හොඳින් තෙම්පරාදු කර පොල් චට්නි එකට එකතු කර මිශ්‍ර කර ගන්න.
ඔන්න එහෙනම් හදලා ඉවරයි 😍 ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞 

හෙළයේ රස මිහිර
තෝසෙ සමග පොල් චට්නි හදමු (Dosai) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment