Kawiya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ

Kawiya Oba Song Lyrics - කවිය ඔබ ගීතයේ පද පෙළ
Song Title : Kawiya Oba (කවිය ඔබ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඬුවා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment