Hudakala Wu Pemwathaneni Song Lyrics - හුදකලා වූ පෙම්වතාණෙනි ගීතයේ පද පෙළ

Hudakala Wu Pemwathaneni Song Lyrics - හුදකලා වූ පෙම්වතාණෙනි ගීතයේ පද පෙළ
Song Title : Hudakala Wu Pemwathaneni (හුදකලා වූ පෙම්වතාණෙනි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

දියරළ පෙළකි ඇස කඳුළු හිත දවනා
මහ සමුදුරක කිමිදී සෙනේ පුරනා
රැයක් දවාලක් නොබලා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment