Gagak Se Oba Gala E Nam Song Lyrics - ගඟක් සේ ඔබ ගලා ඒ නම් ගීතයේ පද පෙළ

Gagak Se Oba Gala E Nam Song Lyrics - ගඟක් සේ ඔබ ගලා ඒ නම් ගීතයේ පද පෙළ
Song Title : Gagak Se Oba Gala E Nam (ගඟක් සේ ඔබ ගලා ඒ නම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව : එම්. ආර්. චූලසිංහ


ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්

ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
අරුත වී මා ඔබේ ළග ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම්බිමක් වෙන්නම්

ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment