Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ

Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Dasa Wasagami Oba Nopenennata (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට)
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
පද : දයා ද අල්විස්
තනුව : විශාරද ගුණදාස කපුගේ


දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබම ද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment