Asipiya Salana Nisa Song Lyrics - ඇසිපිය සලන නිසා ගීතයේ පද පෙළ

Asipiya Salana Nisa Song Lyrics - ඇසිපිය සලන නිසා ගීතයේ පද පෙළ
Song Title : Asipiya Salana Nisa (ඇසිපිය සලන නිසා)
ගායනය : අජිත් බණ්ඩාර


ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment