Ganta Seenu Song Lyrics - ඝණ්ඨා සීනු ගීතයේ පද පෙළ

Ganta Seenu Song Lyrics - ඝණ්ඨා සීනු ගීතයේ පද පෙළ
Song Title : Ganta Seenu (ඝණ්ඨා සීනු)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ පිරිස
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ
විශාරද ගුණදාස කපුගේ ගේ "කම්පන" ගී ප්‍රසංගයේ තේමා ගීයයි.


ඝණ්ඨා සීනු හේවිසි හොරණෑ
නිහඬයි
නිසලයි
බණ පද ගාථා ගීත යාතිකා
නිහඬයි
නිසලයි

සිරස දරා දෙවියන් බුදුන් ඇදහූ මිනිසුන්
(ඇදහූ මිනිසුන්)

සතර අපායේ තොරන් යටට වී
සතර අපායේ තොරන් යටට වී
කමින් බොමින් බැඳ බහුරූ කෙළී සැණකෙළි //

බෝසතුන් දෙව් පුතුන්
පළඟ බැඳන් ආකාසේ
නරඹනවා මේ අරුමෝසම්
නරඹනවා මේ අරුමෝසම්

මන්ත්‍ර කරන මේ ගීත කම්පන
ප්‍රකම්පනයෙන් ආවේශවී

අණවින කොඩිවින
අණවින කොඩිවින
භංග වේවා
පුණ්‍යවන්තයින්ගේ

පාෂාණ භූත බන්ධනයෙන්
මුනිවත් හදවත්
විදාරණය වේවා
පියවි සිහියෙන්
ප්‍රේමභරිතව වේවා
ප්‍රේමභරිතව වේවා
ප්‍රේමභරිතව වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment