Dasa Mage Ragen Mathwee Song Lyrics - දෑස මාගේ රාගෙන් මත්වී ගීතයේ පද පෙළ

Dasa Mage Ragen Mathwee Song Lyrics - දෑස මාගේ රාගෙන් මත්වී ගීතයේ පද පෙළ
Song Title : Dasa Mage Ragen Mathwee (දෑස මාගේ රාගෙන් මත්වී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ "රංගා" චිත්‍රපටියේ ගීයකි.


දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා //
රහසේ ඈත සීත සඳු සොයා ආවා //
මේ වාගේ සුව නෑ වින්දේ
තනිවී උන්නු යාමේ
මල් මී පාලා තුඩින් තුඩ ළංවීලා
ප්‍රියේ ළංවීලා
දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා
මත්වී සැලෙනා

ඔබ සරසන්න විල් මල් පිපීලා
මධු මකරන්ද එයි දැන් ගලාලා
මට අත දුන්න නොඉඳුල් ප්‍රියාවී
රන් සමනල්ලු රහසක් කියාවී
ඈත දේදුන්නේ සිතුවම් ඇඳේවී
නෙතේ ගෑවේ අඳුන් නේදෝ
හොරෙන් කීවේ යමක් නේදෝ
රුචිරාණි නැළවෙන්න ආවාදෝ
දැන් ආවාදෝ

දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා
මත්වී සැලෙනා

මද සුළඟින්ද විලවුන් ගෙනාවේ
මේ ගිම්හානෙ සිසිලයි දැනෙන්නේ
ඔබෙ හසරැල්ල මුවගින් ගලාලා
සෙනෙහස බැල්ම සුහදේ පුදාලා
රන් වලාවේ පවා රූ මැවේවා
ගයයි වීණා කොවුල් සේනා
අපේ සීනේ සැබෑ වෙන්නා
ඒ වාගේ දවසක් ලැබෙයිදෝ
ලැබෙයිදෝ

දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා
මත්වී සැලෙනා

මා සනසන්න ඔබ මිහිර පෑවා
සඳ තරු රහසෙ ඔබ මාගෙයි කීවා
හද මුමණන්නෙ කිමදෝ නොතේරේ
ඔබ ළඟ කෝඩු සුවඳයි දැනෙන්නේ
මගෙ ආශාවෝ බඳුනේ පිරේවා
මලේ ඉන්නේ බිඟුන් නේදෝ
ගලා එන්නේ හැඟුම් නේදෝ
මල් යහනෙ සැතපෙන්නෙ කවුරුන්දෝ
කවුරුන්දෝ

දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා //
රහසේ ඈත සීත සඳු සොයා ආවා //
මේ වාගේ සුව නෑ වින්දේ
තනිවී උන්නු යාමේ
මල් මී පාලා තුඩින් තුඩ ළංවීලා
ප්‍රියේ ළංවීලා
දෑස මාගේ රාගෙන් මත්වී සැලෙනා
මත්වී සැලෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment