Champa Song Lyrics - චම්පා ගීතයේ පද පෙළ

Champa Song Lyrics - චම්පා ගීතයේ පද පෙළ
Song Title : Champa (චම්පා)
Singing : POP PUNK
Composed : Pop Punk
Mix & Master : Pop Punk
Lyrics : Pop Punk, Anushka Udana Liyanage & Ruvini Thalapawila
Guitars : Dihan Kularathna, Vishwa Sankalpa


අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායා
කඳුලේ තැවරුනා
සිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවා
නොපෙනෙන දුර තබා
රුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායා
සිත සනසයි ඒ දැකුමන් පවා
ඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවා
මා සනසයි ඒ ගී ගායනා

ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම
මම මත් වූ ආදරියේ බොළඳයි ඔයා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා

විඳවන්න සංකා දාගෙන විදුලි පංකා
මහ ගෙවල් හික්කා තිබ්බ ඉඩම් වික්කා
වැටෙයි මට ඉක්කා පනියිද මගේ හක්කා
පෙට්ටි ගණන් ට්‍රන්ක
උඹට ලියපු ලියුම් එකතු කරලා
කඩලා කඩේට මං වික්කා කලා අනුකම්පා
උනේ භූමි කම්පා හැදුනේ සරම්පා
ලවු කෙරුවේ ගම්පහ පඳුරු අස්සේ රම්පා
කෙල්ල මගෙ චම්පා මස්සිනා සම්පා
විකුණන්නේ පොම්පා

ඈ අඳුරේ රහසක්ද කීවා මා රිසිසේ ලං වුනිද ඈ හා
ඒ පහසේ මිහිර බවත් පරයා
සිත නොනැසේ නම් මා සිටින්නේ
ඒ ආදරයේ වෙනසේ මෙදා

ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම
මම මත් වූ ආදරියේ බොළඳයි ඔයා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා
මේ හදගැස්ම ඔය බැල්ම ඔබෙ නමට
සිත බැන්ද ආදරය මිහිරී තමා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment