Andannepa Sudu Menike Ma Song Lyrics - අඬන්නෙපා සුදු මැණිකේ මා ගීතයේ පද පෙළ

Andannepa Sudu Menike Ma Song Lyrics - අඬන්නෙපා සුදු මැණිකේ මා ගීතයේ පද පෙළ
Song Title : Andannepa Sudu Menike Ma (අඬන්නෙපා සුදු මැණිකේ මා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : පී.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ //

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැඳිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

අද මෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන එන්නම්
සුබ සිහින සැබෑ කරවන්නම් //

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

මල් යහනක සතපන්නම්
මල්පැණි පෙරලා දෙන්නම්
මුතු වැල ගෙල පළඳන්නම්
රන් විමනක රඳවන්නම්

අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ
අඬන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment