Anantha Wuu Derana Sara Song Lyrics - අනන්ත වූ දෙරණ සරා ගීතයේ පද පෙළ

Anantha Wuu Derana Sara Song Lyrics - අනන්ත වූ දෙරණ සරා ගීතයේ පද පෙළ
Song Title : Anantha Wuu Derana Sara (අනන්ත වූ දෙරණ සරා)
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : සුගතපාල සෙනරත් යාපා
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
"හන්තානේ කතාව" චිත්‍රපටයේ ගීතයක්


අනන්ත වූ දෙරණ සරා දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගත්තේ නිල්ල දකින්නයි
ගලන ගලන සිඟිති දොලක සිහිල විඳින්නයි
ගසක වෙලෙන සිහිනි වැලක පහස ලබන්නයි

වේදනාවෙ තෙත මීදුම දෑත විදා උඩ නැගිලා
එබී බලන සහන් එළිය වසා දිවෙනවා
සදාතනික සිහින ලොවක මා තනි වෙනවා
පැතූ පැතුම් අනන්තයට ඉගිලී යනවා

වහස් බැලුම් අඳු නෙත දා දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කවුළු දොරින් දොරට වඩින්නේ
මා වට කොට ආදරයේ රටා වියන්නේ
සඳුන් කළල දෙතොල් විතක නුරා පොවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment