දවසේ වැදගත්කම - මැයි 12 ජාත්‍යන්තර හෙද දිනය (Significance Of The Day - May 12 International Nurses Day)

දවසේ වැදගත්කම - මැයි 12 ජාත්‍යන්තර හෙද දිනය (Significance Of The Day - May 12 International Nurses Day) - Your Choice Way

උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන් සෑම වසරකම මැයි 12 දින ජාත්යන්තර හෙද දිනය අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස් නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්යන්තර හෙද දිනය ලෙස ප්රකාශයට පත් කර ඇති අතර, මෙවර ජාත්යන්තර හෙද දිනයේ සුවිශේෂිතාවයක් වන්නේ ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ 200 වැනි ජන්ම දිනය ද යෙදී තිබීමයි.

ජාත්යන්තර හෙද කවුන්සිලය විසින් මෙම වර්ෂය සදහා සුවිශේෂි තේමාවක් ප්රකාශයට පත් කර ඇති අතර එම තේමාව “ගෝලීය වශයෙන් සෞඛ්ය නගා සිටුවීම සදහා හෙදියන් ලෙස හඩ නගමු” යන්නයි.

ලෝක සෞඛ්ය සංවිධානය “හෙද සහ පවුල් සෞඛ්ය වර්ෂය” ලෙස නම් කර ඇත. සෞඛ්ය සේවා සපයන්නියක, දුක් පීඩා නිවන්නියක, ගුරුවරියක, මැදිහත්කාරියක මෙන්ම දූරදර්ශී නායිකාවකගේ භූමිකාවක් අවස්ථානෝචිතව රඟ දක්වමින් හෙදියන් විසින් ගෝලීය සෞඛ්ය අභිවර්ධනය කිරිමට දායක වනු ඇතැයි ජාත්යන්තර හෙද කවුන්සිලයේ අපේක්ෂාව වේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment