Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ

Sulanga Obada Song Lyrics - සුළඟ ඔබද ගීතයේ පද පෙළ
Song Title : Sulanga Obada (සුළඟ ඔබද)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : හර්ෂ ආරියසිංහ
ගී පද : මහින්ද කේ. ප්‍රේමසිරි


සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද //

ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ

සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ
කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment